අප ගැන | සී/ස සල්පිටි වේරහැර සණස සමිතිය

මතක සැමරුම්

අධිරාජ්‍යවාදීන් අප රට යටත් කරගෙන ඔවුන්ගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා ආගමික දර්ශන අප සමාජය තුල ව්‍යාප්ත කළ සමයේ දේශීය ආර්ථිකය සංස්කෘතික වටිනාකම්, සිරිත් විරිත් පමණක් නොව හේන් ගොවිතැන කුඹුරු වගාවන් ආදී කෘෂිකාර්මික රටාවන්හිද විපර්යාය සිදුවුණි. තේ, කෝපි, සිංකෝනා ආදී වතු වගාවන් ව්‍යාප්ත වීමෙන් දේශීය ගොවියා දැඩි පීඩනයකට ලක්විය එම අභියෝග ජයගෙන කෘෂි කාර්මික කටයුතු ස`දහා සහන සැලසීමේ පිළියමක් ලෙස ණය දෙන සමිති ආරම්භ විය.

1934 වසරේ ජනවාරි 23 දිනය සල්පිටි කෝරලේ, පල්ලේ පත්තුවේ වේරහැර නම් ග‍්‍රාමයට සුවිශේෂී දිනයකි. එදින ගමේ සම්පත් ගමේ ප‍්‍රගතියට යෙදවීමේ අරමුණින් ජනහිතකාමී ගම්වාසී 16 දෙනෙකුගේ මූලිකත්වයෙන් සල්පිටි වේරහැර එක්සත් සහකාර ණය සමූපකාර සමිතියේ
ආරම්භය සනිටුහන් විය. රාජ්‍ය සමූපකාර දෙපාර්තමේන්තුවේ සමාගම් පනත යටතේ 1935 මැසි 19 දින ලි.ප.අංක ක්‍ 173 න් සමිතිය ලියාපදිංචි කරන ලදී.

සමිතියේ පළමු නිළ මඩුල්ල මෙසේය
ගරු සභාපති – ඩබ්. එච. කුරේ මහතා
ගරු උප සභාපති – කේ. ඞී. තියොසිස් මහතා
ගරු ලේකම් – එල්. ඞී. කොරනේලිස් මහතා
ගරු උප ලේකම් – ආර්. ඞී. ඒ. රාජපක්ෂ මහතා
ගරු භාණ්ඩාගාරික – ඊ. ඞී. කවනිස් මහතා

වසර 19ක් ඩබ්. එච්. කුරේ මහතා ගරු සභාපති ධුරය ඉසිලූ අතර ඉන්පසු එල්. ඞී. කොරනේලිස්, ඊ.ඞී. අල්විස්, එල්. ඞී. පේද්‍රික් යන මහත්වරුන් මුලසුන හොබවන ලදී. එල්. ඞී. පේද්‍රික් මහතාගේ වසර 15 ක ධුර කාලයෙන් පසු 1973 වසරේදී ගරු සභාපති ධූරයට පත් වූ වත්මන් පුනරුදයේ ආරම්භක පුරෝගාමියා වූ කේ. කේ. ගාර්දියස් අප්පුහාමි මහතා වසර 20 ක් මුලසුන හොබවමින් අද අප සුබ නැකතින් පිවිසුනු නව ගොඩනැගිල්ල ඉදි කරන ලද භූමිය මිළට ගෙන පොල්අතු සෙවිලි කළ පළමු රැස්වීම් ශාලාව සකස් කරන ලදී. 1993 වසරේදී එතුමා අප අතරින් සමුගැනීමෙන් පසු ගරු සභාපති ධුරයට පත්වූයේ සිරිපාල මාපටුන මහතාය. වසර 20 සේවා කාළය තුල එතුමා විසින් සමිතියේ වර්තමාන දියුණුව උදෙසා කළ කැපවීම පිළිබ`ද ඉදිරියේදී සටහන් තබන අතර, 2013 පෙබරවාරි 12 දින සිරිපාල මාපටුන මහතාගේ වියෝවෙන් පසු ගරු සභාපති ධූරයට තේරී පත්වූ ඩබ්. ඞී. මර්වින් පියනන්ද මහතා අප මෙහෙයවනු ලබයි.

shadow

බල ප‍්‍රදේශය තුල ආර්ථික හා සාමාජීය අභියෝගයන් හමුවෙී ධනාත්මක සිතුව්ලි පිරි, නිර්මානාත්මක ජන සමාජයක් බිහිකරලිම.

ගමේ සම්පත් ගමේ දියුණුවට යොදවා බාල, තරුණ, වැඞ්හිටි ජනතාවගේ දැනුම, ආකල්ප හා හැකියාවන් වර්ධනය කර ගුණවත්, නැණවත්, නීරෝගි, සඣිචාර සම්පන්න ශක්තිමත් ජන සමාජයක් ගොඩනැන්ව්ම.

සමුපකාර ප‍්‍රතිපත්ති හා අනුගතව සකසුරුවම,පරෝපාකාරය,සහ අන්‍යොන්‍යාධාරය සාමාජිකත්වය තුල වර්ධනය කරලීම හා සාමාජිකයින්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් ඉටුකරමින් සමුපකාරික සමාජයක් ස්ථාපිත කීරිමය.